විමල් බීජිං යයි

135

චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17 දා) බීජිං නුවරදී ආරම්භවන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට සහභාගිවීම සඳහා උත්තර ලංකා

සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චීනය බලා පිටත්ව ගොස් ඇත.

චින රජයේ ආරාධනය මත ඒ මහතා මෙම සමුළුවට සහභාගිවන බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා චීනයේ ඉදිරි ආර්ථික උපායමාර්ග හා බැඳුණු එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය ආරම්භ කර වසර 10 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම සමුළුවට රටවල් රැසක දේශපාලන පක්ෂ නායකයන් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ද සහභාගිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment