ගොඩබිමින් – ගුවනින් – මුහුදෙන් ඊශ්‍රායලය පූර්ණ ප්‍රහාරයකට සූදානම්

599

ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් ගුවනින් මුහුදින් පූර්ණ ප්‍රහාරයන් සඳහා සූදානම් වන බව එරට ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.

මේ ප්‍රහාර සඳහා කාලරාමුවක් ලබාදී නැත.

මේ අතර ඊශ්‍රායල් හමුදාව පවසන්නේ ගාසාවේ උතුරෙන් ඉවත්වන පලස්තීන වැසියන් වැළැක්වීම සඳහා හමාස් ත්‍රස්තයන් ක්‍රියාකරන බවයි. උතුරු ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් මිලියන 1.1 කට මේ නිසා තම නිවාසවලින් ඉවත්වීමට සිදුවිණි.

මේ අතර ඊශ්‍රායල ගුවන් හමුදාව දින තුනක් ඇතුළත සිරියාවේ ඇලපෙන් ගුවන්තොටුපළටද පහරදී ඇත. කලාපයේ පවතින යුද උණුසුම නිසා ඇමරිකාව සිය දෙවන ගුවන් යානා ප්‍රවාහන යුද නැව මධ්‍යධරණී මුහුද වෙත යැවීමට කටයුතු කර ඇත.

ඇමරිකානු ජනපති ජෝ බයින්ඩ් පවසන්නේ හමාස් සාමාජිකයන් ගාසා වැසියන් මිනිස් පලිහක් ලෙස තබාගෙන ඇති බවයි.

මේ අතර ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර නතර කරන ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දන්වා ඇත. මේ සටන තවත් ව්‍යාප්ත වුවහොත් ඊශ්‍රායලයට විශාල භූමිකම්පාවකට මුහුණදීමට සිදුවන බව ඉරාන විදේශ ඇමැති හුසේන් අමීබේඩොල්ලාහින් ප්‍රකාශ කර ඇත. පසුගිය 07 වැනිදා ඊශ්‍රායලට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1300 ක් මරණයට පත්වූ අතර තවත් 100 – 200 අතර පිරිසක් පැහැර ගනු ලැබිණි. ඊශ්‍රායලය මේ ප්‍රහාරය තමන්ට එල්ලවූ 9 – 11 ප්‍රහාරයක් ලෙස සලකනු ලබයි.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ලකරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 1500 කට අධික පිරිසක් මරණයට පත්ව ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment