සිංගර් විසින් හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ විශේෂ ඩිජිටල් නිෂ්පාදන සහ SIGNATURE ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි

71

ඉලෙක්ට්‍රොනික උපකරණ මෙරටට ගෙන්වා බෙදා හරින විශ්වසනීය ආයතනයක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී විශේෂ ඩිජිටල් නිෂ්පදනවලින් සමන්විත ප්‍රදර්ශනාගාරයක් සහ SIGNATURE ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට කටයුතු කළ අතර, සිංගර් සමාගමේ අරමුණ වන්නේ මෙම නව ප්‍රදර්ශනාගාර හරහා සිය පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක බවින් ඉහළ පාරිභෝගික සේවාවක් ලබා දීමටයි.

2023 ඔක්තෝබර් 19 වන දින ආරම්භ කෙරුණු මෙම ඩිජිටල් නිෂ්පාදන සහිත සිංගර් ප්‍රදර්ශනාගාරය හරහා නවතම ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, පරිගණක උපාංග හා ආරක්ෂක කැමරා ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් මිල දී ගැනීමේ පහසුව පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට සිංගර් සමාගම කටයුතු කරයි.

මෙම නව සිංගර් ප්‍රදර්ශනාගාරය තුළ Dell, MSI, ASUS, Acer යන ලැප්ටොප් සන්නාම, Samsung, Honor, vivo, ZTE, Apple, Huawei යන ජංගම දුරකථන සන්නාම, මෙන් ම Dahua, IMOU, සහ Visonic යන ආරක්ෂක කැමරා සන්නාම ඇතුළු ඩිජිටල් නිෂ්පාදන රැසකින් සමන්විත වේ. ඊට අමතරව මෙහි දී නවතම තාක්ෂණයෙන් සමන්විත ඩිජිටල් ක්‍රීඩාවල නිරත විය හැකි අවකාශයකින් (SINGER Gamers lounge) ද සමන්විත ය.

මැලේසියාවේ විශාලතම Pantry Cupboard සහ wardrobe නිෂ්පාදකයා වන Signature Group සමඟ සිංගර් සමාගම ගොඩනඟාගෙන ඇති සහයෝගීතාව සමඟින් ජාත්‍යන්තර මට්ටමේ Pantry Cupboard මෙරට පාරිභෝගික ජනතාව වෙත සමීප කිරීම සඳහා SIGNATURE BY SINGER ප්‍රදර්ශනාගාරයක් ද හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණය තුළ ස්ථාපිතය. මෙම නව ප්‍රදර්ශනාගාරය තුළ SIGNATURE සන්නාමය යටතේ එන Pantry Cupboard සහ wardrobe සිය අභිමතය පරිදි නිපදවා ගැනීමේ අවස්ථාව ද උදාකර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment