වැඩිම ආදායම ලබන සියයට 10 කට පුළුවන් සියයට 90 ක ජනතාවක් ජීවත් කරවන්න

99

ආදායම් වැඩිකර නොගත්තොත් මුදල් මුද්‍රණය කිරීමෙන් උද්ධමනය ඉහළ යනවා – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ දැවැන්ත අවශ්‍යතාවක් මතුව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

2020 සහ 2021 යන වර්ෂවලදී බදු ආදායමේ සහ බදු ලිපිගොනුවල කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබෙන බවද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.2 ක් දක්වා ලෝකයේ අඩුම බදු ආදායම උපයන රට බවට ශ්‍රී ලංකාව පත්වූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මුදල් අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේ දී ඊයේ (23දා) උදේ පැවැති බදු සම්මන්ත්‍රණය අමතමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළේය. “අපි සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ සෘජු බදු රජයට ලබා දෙන්න කියල සමස්ත ජනතාවගෙන් සියයට 10 කට. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ ඉතුරු සියයට 90 ජීවත් කිරීම සඳහායි. මේ සියයට 10 සියයට 5 ක් කළොත් අපේ ඉලක්කවලට අපිට යන්න බෑ. මේ අනුව රුපියල් 150,000 ක් උපයන කෙනා රු. 3000 ක බද්දක් ගෙවන්න ඕන. ඒකත් ඔවුන්ට බරක් බව අපි දන්නවා. ගමන ඉතා අසීරුයි.

දුක් විඳගෙන තමයි අපට මේ ගමන යන්න වෙන්නේ. ආදායම් වැඩිකර නොගත්තොත් මහ බැංකුවෙන් මුදල් මුද්‍රණය කරගන්න වෙනවා. එවිට උද්ධමනය ඉහළ යනවා. මේ නිසා අප සියලු දෙනාට යම්කිසි විසඳුමකට යන්න වෙලා තිබෙනවා. දුක් විඳල තමයි අපට යම්කිසි විසඳුමකට යන්න වෙන්නේ. ඒ නිසා අපි වැඩිම ආදායම ලබන සියයට 10 කට ආරාධනා කරනවා සියයට 90 ක ජනතාවක් ජීවත් කරවමු කියලා යැයිද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් කීවේය. මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද කතා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment