ක්‍රිකට් කෑ හැටි හොයන්න ලොක්කෙක් ඉන්දියාවට

445

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රදර්ශනය කරන ලද දුර්වල තරග විලාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු මේ සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් කණ්ඩායම එතරම් දුර්වල තරග රටාවක නිරත වීම පිළිබඳව පුහුණු කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර පරාජයට හේතු සෙවීම ඔහුගේ මෙම පැමිණීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා දැවැන්ත පරාජයකට මුහුණ දුන් අතර එම පරාජය පිළිබඳව ද පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබුණි. පරාජයන් ක්‍රීඩාවේ කොටසක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මෑත කාලීන පරාජයන් අදහා ගත නොහැකිව ඇතැයි ද ඒ නිසා පරාජයට හේතු අංශය 4 ක් ඔස්සේ සොයා බැලීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment