දුම්රිය රියදුරු හිඟයෙන් රේල්ලුව අමාරුවේ

289

දුම්රිය රියැදුරන් 468 දෙනකු සේවයේ නියුතුව සිටි නමුත් මේ වනවිට දුම්රිය සේවයේ නිරතව සිටින සමස්ත දුම්රිය රියැදුරන් ගණන 268ක් බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දුම්රිය රියැදුරන් 200 දෙනකුගේ බරපතළ හිඟයක් පවතින බැවින් මේ වනවිටත් දුම්රිය ධාවන කටයුතුවලදී දැඩි අසීරුතාවන්ට ලක්වන බවත් රියැදුරු හිඟයට හේතු වී ඇත්තේ අවුරුදු 60 සම්පූර්ණ කළ විශාල පිරිසක් විශ්‍රාම ලැබීම බවත් ඒ මහතා සඳහන් කළේය.

2017 වර්ෂයෙන් පසු මේ දක්වා දුම්රිය රියැදුරන් සේවයට බඳවාගෙන නොමැති බව ද හෙතෙම කීය. නව දුම්රිය රියැදුරන් පුහුණු කිරීමට ද වසර 3ක් ගතවන බව ද ඒ මහතා කියා සිටියේය. ඉදිරියේදී වයස 60 සම්පූර්ණ කරන දුම්රිය රියැදුරන් බොහෝ පිරිසක් විශ්‍රාම ලැබීමට නියමිත බව ද ඒ මහතා කීය. එසේම දුම්රිය රියැදුරන්ගේ හිඟය නිසා දිනකට දැනට සේවයේ නියුතු දුම්රිය රියැදුරන් තමන්ගේ සේවා කාලයට අමතරව තවත් අතිරේක සේවා කාල සඳහා සේවය කිරීමට සිදු වී ඇතැයි ද හේ කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment