දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයක්

81

දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනය තවදුරටත් තිරසාරව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වෙළෙඳපොළ පොලී අනුපාත අඩුවීම, ණය ඉල්ලුම ඉහළ යෑම, ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම, සැපයුම් තත්ත්වය වැඩි දියුණු වීම සහ විදේශ ඉල්ලුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත ක්‍රමික වර්ධනය මගින් මෙසේ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම සිදුවෙනු ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක් වේ.

අඛණ්ඩව කාර්තු හයකදී ඝෘණ ආර්ථික වර්ධනයන් වාර්තා කිරීමෙන් පසු ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.6 ක ධන ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. මේ අනුව ආර්ථිකය, ඝෘණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට පරිවර්තනය වෙමින් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment