ඔබට දුන් නැකත හරිද?

105

අපි කුමන ආගමකට යටත් වුණත් හෝ වැළඳගත්තත් ඉදිරියේදී දියුණුව අපේක්‍ෂිත බොහෝ අය වැඩ ආරම්භ කරන්නෙ නැකතටයි. නැකත වැරදුණොත් ඉවරට ඉවර බව ඔවුන් දන්නවා. ඒ නිසාම “නැකත” ගැන අපි කවුරුත් නිවැරදිව දැනගත යුතු වනවා.

කීපවිටක්ම එක ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගිහිල්ලා නොහැකිව අරසණ වූ කෙනෙක් ඇවිත් ව්‍යාපාරයක් ආරම්භ කරන්ට හොඳ නැකතක් ඉල්ලා සිටියා. එයාගේ කතාවට මමත් අසරණ වෙලා කිව්වා මෙවර ඔයාගේ කරදර ඉවර කරනවා. බය නැතුව මම දෙන නැකතින් මා කියන විදියට ආරම්භ කරන්න ඔබලා ගොඩ යනවා මයි කියලා. අනික එයා කිව්වේ ඔහුගේ කුරුල්ලා රජවෙන වෙලාව දෙන්න කියලා. ඔහු කියන දේ මට වැටහුණා. මේ කුරුල්ලා කියන්නෙ කාටද කියලා. එහෙම අයව දියුණු කරන නැකැත් දෙන එක සෑම ජ්‍යොතිර්වේදියෙකුගේම යුතුකමක්.

ජ්‍යොතිෂය මූලිකව ඉගෙන ගන්න කාලයේදී අපි සාමාන්‍ය කරුණු ඉගෙන ගත්තා තමයි. නමුත් නැකතක් දෙනකොට ඒ දැනීම මදි. අපි ලබාගත් දැනුම ද්විතීය තෘත්‍රීය වශයෙන් වැඩිදියුණු කරගෙනයි නැකතක් දෙන්න ඕනෑ. විශේෂයෙන් නැකතක් දෙනකොට එයාගේ හිමි ලග්නයට වඩා නැකතට සීහුම් වන්ට ඕනෑ. එනම් තිථිය, හෝරාව, පංචමය, පුර චන්ද්‍රයා, දිශාව, පක්‍ෂියාගේ ගමන් විලාසය වැනි දේවල් මූලික වන්නට ඕනෑ. රාහු කාලය සහ මරු ඉන්න පැත්ත අයින් කරල දීපු එක නැකතක් වත් වරදින්නෙ නැහැ. ඒක වගකීමෙන් කියනවා.

විශේෂයෙන් නැකතක් ගන්නෙ නව නිවසක් හදන්න හෝ අලුත් ව්‍යාපාරයක් අරඹන්න. ඒක කරන්නෙ සමහර විට බැංකු ණය අරගෙන වෙන්න ඇති. ඒක නිසා ඒ නැකත වැරදිලා වැටුණොත් ඒ පුද්ගලයා ඉවරටම ඉවරයි. ඒ නිසා පංච පක්‍ෂි ක්‍රමය අනුගමනය කරන්නම ඕනෑ. ඒ අය කුරුල්ලා රජ වෙන වෙලාව ඉල්ලන්නෙ මේක තමයි. ඒ නිසා හරියට නැකත හදාගන්න බැරි ආධුනික මහත්වරුන්ගෙන් ඉල්ලන්නෙ නොදන්නව නම් නැකත් දෙන්න එපා කියලා.

අපි කුමන ආගමකට යටත් වුණත් හෝ වැළඳගත්තත් ඉදිරියේදී දියුණුව අපේක්‍ෂිත බොහෝ අය වැඩ ආරම්භ කරන්නෙ නැකතටයි. නැකත වැරදුණොත් ඉවරට ඉවර බව ඔවුන් දන්නවා. ඒ නිසාම “නැකත” ගැන අපි කවුරුත් නිවැරදිව දැනගත යුතු වනවා.

නැකතක් ලබාදීමට පෙර උගත් ජ්‍යොතිෂ ගුරුතුමා සුබ දිනය, සුබ කාලය, සීහුම් නැකත, තිථිය, වරුව, කාලහෝරාව, පංචම හා ශූක්ෂම කාලහෝරාව, සුබ දිශාව, විස කලාව, යෝගිනිය, නඟන කලාව, බහින කලාව, යෝගිනිය, සඳු සිටින දිශාව, මරු සිටින දිශාව වැනි අත්‍යවශ්‍ය කාරණා ගැන මනා අවබෝධයකින් සිටිය යුතු බව අනිවාර්යයෙන්ම කියනවා.

සමහර විට ඔබ කියාවි නැකතක් ගන්න කොට මේ ඔක්කොම බලන්නට ඕනෑ නැහැ කියලත්. මොකද ඒක ටිකක් අමාරු නිසා. ඔබ එහෙම හිතුවට මම කිසිම විටෙක ඒ අදහස සමඟ උරණ නැහැ. මෙච්චර කරුණු තිබුණට දක්‍ෂ ජ්‍යොතිර්වේදියාගේ තුන්වැනි ඇසට මේ ඔක්කොම කරුණු පෙනෙනවා. අපි නැකතටම නැකැත් දෙන්නෙ නැකත විශ්ව ශක්තිය සමඟ බද්ධ වෙලා තිබෙන නිසා.

බොහෝ දෙනා නැකැත ඉතා සුලුවෙන් හිතනවා. වැරදුනාම බොහොම දුක්වනවා. දුක්වෙනවා විතරක් නොවේ. ණය බේරන්ට කන කර ආභරණ පවා විකුණන්ට වන බව අත්දැකීමෙන් කියනවා. අපි හිතමු වැරදිලා හෝ අනවශ්‍ය නැකතක් ලැබිලා ඒ වෙලාවට කාරණය අරුඹුවා කියලා. වැඩය ආරම්භ කරල මුදල් යට කරලා දින කීපයකින් නිවැසි මූලිකයා අසනීප වෙනවා. වැඩය කරන අය රෝගී වනවා. අවසානයි නේද මේවා පවතින ග්‍රහ ශක්තිය නිසා ඇතිවන දේවල්. ග්‍රහයන්ට බැන බැන ඉන්න බොහෝ අය මානසිකව වැටුණාම ග්‍රහශාන්ති කරනවා. සමහර විට එතකොට ප්‍රමාද වැඩි වන්නත් බැරි නැහැ.

ජ්‍යොතිෂ කරුණු විස්තර කිරීමේදී ග්‍රහචාරය, ලග්න චාරය ගැනම කිය කිය ඉඳලා වැඩක් නැහැ. එකම ලග්නයේ ඉන්න සැමටම එකම ප්‍රතිඵල දෙන්නෙ නැහැ. අපි ජ්‍යොතිෂය ප්‍රේක්‍ෂකයන්ට මීට වඩා ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරන්ට ඕනෑ.

නැකත ගැන දැනගතයුතු බොහෝ කරුණු තිබුණත් වැදගත්වූ කරුණු ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි සම්පත් නැකතක සීහුම් කරල අව තිථියට වැඩ කළොත් මුදල් ලැබේවි. නමුත් ඊට වඩා මුදල් වැයවන රෝග හැදෙනවා. (ආරෝග්‍යා පරමා ලාභා) එහෙම වුණොත් ඔබ ලබන හැම මුදලම රෝග පීඩාවලට වැයකරන්ට වේවි.

නැකතක් ගැන කියන කොටම “පංච පක්‍ෂී” මනසට එන්න ඕනෑ. එක දවසකට පක්‍ෂීන් පස්දෙනෙක් පස් විදියේ ගමන් විලාසයක් යනවා. ඒ යන්නේ සුබ දිශාව බලලා. මේ ඔක්කොටම එක සමාන බලයක් තිබෙනවා. නමුත් එකිනෙකාට ආවේණික වූ දිනයට වේලාවට බලය වැඩියි. ජ්‍යොතිෂයෙහි සඳහන් පරිදි පංච පක්‍ෂියා විස්තර කරන්නේ මෙහෙමයි. එනම් භේරුණ්ඩ, මයුර, කාක, කුක්කුට හා පිංගල කියලා. සාමාන්‍ය අපේ භාෂාවෙන් කිව්වොත් රාජාලියා, මොනරා, කපුටා කුකුළා හා බකමූණා වෙනවා. මේ පස්දෙනා පංචෝපකාර ගමනක් යනවා. එනම් රජ වන, භෝජන ගන්න, ගමනේ යන.

ගමනකට පැය 2 විනාඩි 24 ක කාලයක් ගන්නවා. ඔබට අයිති පක්‍ෂියා ඔබේ කේන්දරයේ ලියා තිබෙනවා. ඒක ඔබටම දැනගත හැකියි. අනික නොදන්න වානම් අදම දැනගන්න. මේවා දැනගන්න ඕනෑ පෑන හසුරවන්ට කලින්. මේ ගමන් විලාසයත් හරියට නැකැත් චක්‍රය වගේ. අපි පුංචි උදාහරණයක් ගනිමු. ඔබ ගන්නවා. අලුතින් නිවසක් හදන්න නැකතක්. ඔක්කොම නිවැරදිව ගත්තා කියමු. හැබැයි ඒ වෙලාවට ඔබේ පක්‍ෂියා “නිදි” වෙලාව උනොත් නිවස හදන්ට ආරම්භ කරල හරියට දින 7ක් යනකොට මොන කරදරයකින් හෝ වැඩ නවතිනවා. ඔබේ මුදලුත් ශ්‍රමයත් ඔබේ පක්‍ෂියා වගේ නිදි තමයි. ඔබට එකක් කියන්නම් පක්‍ෂියා වැරදිලා නැකත වැරදුණොත් නැවත මුලටම එනවා හදාගන්න. ඒත් ඒක අමාරු වෙනවා.

මේ ගමන් විලාසය ඔබට බලාගන්න කැමැතිනම් පංචාංග ලිතේ 12 පිටුවේ වගුවක් ලෙසින් ඇති බලාගෙන දියුණු වන්ට. ඔබ මොන විදියේ නැකතක් ගත්තත් මොන කරුණු සුබ වුණත් ඒ වෙලාවට ඔබේ පක්‍ෂියා නිදි හෝ මරණ උනොත් “සොරි” ම තමයි.

අනික තමයි පංච පක්‍ෂි බලන කොට එක එක ප්‍රදේශයට කාල ප්‍රමාණය වෙනස් වනවා. ඒ වෙනස් වන වෙලාව සූර්යය උදාව සමඟ කාලය ගළපා අඩුකර ගන්න. ඕනෑම වටිනා වැඩක් නියම පංච පක්‍ෂියාට අනුව ගත්තාම ආයේ දෙකක් නැහැ ඔබ “ගොඩ” මයි. ජ්‍යොතිෂය කිව්වේ අපට අත්‍යවශ්‍ය ම ශාස්ත්‍රයක්.

නපුරු වේලාවකට ඔබ ගමනක් යන්ට නැකතක් ගත්තොත් ඒ වෙලාවට ඔබේ පක්‍ෂියා මර වෙලාවක් නම් ඔබ ආපසු ගෙදර නම් එන්නෙ නැහැ. ඒ බවත් දැනගන්න.

ඔබට දුන් නැකත හරිද?

පාරම්පරික ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යාධර
මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
මොරටුව 0779870007/0722174553

advertistmentadvertistment
advertistmentadvertistment