මාවුස්සාකැළේ ජල මට්ටම අඩුවී නටබුන් මතුවේ

286

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැසීමත් සමග එම ජලාශයට යටවූ පැරණි මස්කෙළිය නගරයේ නටබුන් බොහෝමයක් මතුවී ඇති අයුරු දක්නට හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ මෙම ජලාශයේ ජල මට්ටම මෙසේ පහළ බැසීමත් සමග මෙම ජලාශය ඉදිකිරිමේදී එයට යටවූ පැරණි මස්කෙළිය නගරයේ බුදුරුව, මුස්ලිම් දේවස්ථානය, හිංදු කෝවිල මෙන්ම මාර්ග පද්ධතිය මෙසේ මතුව ඇත.

මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වු එම ජලාශ භාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් නිමකරමින් සමහර දිනවල සවස් කාලයේ විටින් විට වැසි පැවතිය ද එය ප්‍රමාණවත් නොවීම මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහළ බසිමින් පවතින බවත් ඒ අනුව 15දා සවස වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 39යි අඟල් 08ක්ද, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 28යි අඟල් 06ක් පහළින් පවතින බවත්ය.

මාවුස්සාකැළේ ජල මට්ටම අඩුවී නටබුන් මතුවේ

හැටන් මනුර – සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment