ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පත්වෙලා!

67

ලබන සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක්
– සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන

එළැඹෙන 25 වැනිදා සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පැතිරීමේ අවදානමක් නිරීක්‍ෂණය වී ඇති බැවින් මෙම පියවර ගත් බව ද හෙතෙම කීය.

මෙම වසරේ (2022) මේ දක්වා කාලය තුළ ඩෙංගු
රෝගීන් 43,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, පසුගිය ජුනි මාසය තුළ පමණක් රෝගීන් 8000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

එබැවින් එළැඹෙන 25 වැනිදා රජයේ සහ පෞද්ගලික ආයතනවල පරිශ්‍ර, පරිසරය පැයක කාලයක් පිරිසිදු කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment