ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතා හා යෝජනා කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

135

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10දා) රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතා හා යෝජනා කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතා හා යෝජනා කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයන් 152ක් මීට එක්ව සිටී අතර කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි.

ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු පිළිබද භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව කථානායකවරයා හා පාර්ලිමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරයි.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙය පාසලට හිමි වූ සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම රට ගොඩනඟන අනාගත නායකත්වය බිහිවන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බවද සඳහන් කළේය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතා හා යෝජනා කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තු එක්කර ශිෂ්‍ය පාර්ලිමේන්තු සංසදයක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත පැහැදිළි කළාය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරවත්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment