විශ්‍රාමිකයාගේ හෙට දවස තවමත් අඳුරුයි

1634

මේ වනවිට ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් වැසීගොස් ඇති බව සඳහන් වේ. ඉදිරියේදී මෙය ආර්ථිකයට කෙසේ බලපෑමක් ඇති කරයි ද? ආර්ථික වර්ධනයක් ඇතිවෙයි ද නැත්නම් පසුබෑමකට ලක්වෙයි ද? කෙසේ වෙතත් දැනට රටේ පවතින අහිතකර තත්ත්වය මැඬපැවැත්වීමට රජය විසින් යම් පියවරක් ගත යුතු වේ. ජීවන බර 10% හෝ 16% කින් සහනදායක තත්ත්යකට පත්වීමට යම් පියවරක් ගත යුතු වේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සතුටුදායක තත්ත්වයකට පත් වූයේ නැත. 1953 වනවිට ආර්ථික අර්බුදයක් ඇතිවිය. මහජනයා අතර තදබල විරෝධයක් ගොඩනැඟණි. අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඊළඟට 1962 ජාතිය ගොඩනැඟීම සඳහා 2% බද්දක්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මුදල් ඇමැති හැටියට ඉදිරිපත් කිරීමෙන් වැඩකරන ජනතාව අතර ඇතිවූ විරෝධය සිය පිළිතුරු අයවැය කතාවෙන් පසු පෙරවරු 5.30 ට මුදල් ඇමතිකම අත්හැරියේය. ඔහු එවකට පාර්ලිමේන්තුවේ ඉස්සරහ පඩිපෙළෙන් බැස ගාලු පාර අයිනට විත් ඔහුගේ ආධාරකරුවන්ට ප්‍රකාශ කළේ තණකොළවත් හිටවන්න නොඑන බවයි. ඒතෙක් මෙතෙක් ලංකාවේ ආර්ථිකය ගැන අපට සතුටු විය හැකි නොවේ. 2010 වනවිට දේශීය ආර්ථිකය උග්‍ර අතට හැරුණි. මහ බැංකුව 7% ආර්ථික වර්ධනයක් ගැන ප්‍රකාශ කරන විට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කීවේ, රටේ මුදල් නොමැති බවය. 2006 විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට එවකට තිබූ රජයට මුදල් නොමැති කමින් එය මඟහැර දැම්මේය. 2015 ජනාධිපති මැතිවරණයේදී දෙන ලද පොරොන්දුව අනුව එය 2016 දී ඒ ප්‍රශ්නය විසඳුවත්, විශ්‍රාමිකයන්ට හිමි හිඟ මුදල් අද වන විටත් ගෙවා නැත.

ධර්මපාල විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment