හැත්තෑහතේ දුක්ඛිත යුගය අයෙත් ඇවිත්-රෝහිණී කවිරත්න

407

කොවිඩ් වසංගතය මධ්‍යයේ ගෑස් කිරිපිටි හිගයක් ඇතිකර හැත්තෑහතේ මෙරට පැවැති දුක්ඛිත ජීවන රටාව ජනතාවට සිහිකරවිමට වත්මන් රජය කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහල දමන බවට පාරම්බෑ වත්මන් ආණ්ඩුව ගෑස් කිරිපිටි නැත්තටම නැතිකර ජනතාව දැඩි පීඩනයකට ලක්කර ඇති බවද ඇය කියා සිටියාය.

අයියා හට මේ රජගෙයි මල්ලි තනාලා කියමින් අහසින් වැටුණු මුදල් අමාත්‍යවරයාට පෙර තරමටවත් ආර්ථිකය හසුරවා ගත නොහැකි තත්ත්වයක් මතුව ඇතිබව කී කවිරත්න මහත්මිය මෙයට පෙරද රටේ ආර්ථිකය බංකොලොත් භාවයට පත්කලේ ආර්ථික විශේෂඥයින් ලෙස පෙනි සිටින පිරිස විසින්ම බවද කීවාය.

ගෑස් කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම සදහා රජය දැඩි මුදල් අර්බුදයක සිටින බවත් , සැබෑව සගවා දේශිය කර්මාන්ත නගාසිටුවිමේ අරමුණින් නව සැලසුම් සකස්කර ඇති බවත් කියමින් ජනතාව මුලා කරන රජය ජනතාවගේ විශ්වාසය පළුදු කර දමා ඇති බවද කවිරත්න මහත්මිය කියා සිටියාය.

මාතලේ දිස්ත්‍රික්කයේ ගෑස් සහ කිරිපිටි හිගවීම සම්බන්ධයෙන් සත්‍යතාවයක් ඇත්දැයි සොයා බැලීමට ඊයේ 9 දා පෙරවරුවේ මාතලේ නගරයේ වෙළෙදසැල් වෙත යමින් සිටියදි මාධ්‍ය කල විමසුමට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment