චමරි සහ සහන් චීනයේ දී ශ්‍රී ලංකා පිල මෙහෙයවති

678

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වයට සහන් ආරච්චිගේ නම් කර ඇත.

පෙරේදා නිමාවූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ වෙනුවට සංචිතය සඳහා නම් කෙරුනේ ද සහන් ආර්ච්චිගේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර තරග දෙකකට ක්‍රීඩා කර ඇත.

අදාළ තරගාවලිය සඳහා නම් කළ කාන්තා සංචිතයේ නායකත්වය සඳහා චමරි අතපත්තු නම් කර ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඒ සඳහා නම් කර ඇත.

කාන්තා සංචිතයට නම් කර ඇති ක්‍රීඩිකාවන් බහුතරයක් දෙනා පසුගියදා නිමාවූ එංගලන්ත සංචාරයේ දී එංගලන්තයට එරෙහිව පළමු පන්දුවාර 20යි20 තරගාවලිය ජයග්‍රහණය ලැබූ ක්‍රීඩිකාවෝ වෙති.

2023 ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හැංශුයි හීදී සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වේ.

එල්පීඑල් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ විජයකාන්ත් වියස්කාන්ත් වැනි ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයෝ කීපදෙනෙක්ද ඒ අතර වෙති.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව 2010 හා 2014 වසරවලදී ඇතුළත් වූ අතර 2010 වසරේදී බංග්ලාදේශයත්, 2014 වසරේදී ශ්‍රී ලංකාවත් පිරිමි අංශයේ රන් පදක්කම දිනා ගත්තේය.

ශ්‍රී ලංකා පිරිමි සංචිතය –

1) ලසිත් කෲස්පුල්ලේ

2) ෂෙවෝන් ඩැනියෙල්

3) අශේන් බණ්ඩාර

4) සහන් ආරච්චිගේ – නායක

5) අහන් වික්‍රමසිංහ

6) ලහිරු උදාර

7) රවිඳු ප්‍රනාන්දු

8) රනිත ලියනාරච්චි

9) නුවනිදු ප්‍රනාන්දු

10) සචිත ජයතිලක

11) විජයකාන්ත් වියස්කාන්ත්

12) නිමේෂ් විමුක්ති

13) ලහිරු සමරකෝන්

14) නුවන් තුෂාර

15) ඉසිත විජේසුන්දර

ශ්‍රී ලංකා කාන්තා සංචිතය –

1.) චමරි අතපත්තු – (නායිකා)

2.) හර්ෂිත සමරවික්‍රම

3.) විශ්මි ගුණරත්න

4.) නිලක්ෂි ද සිල්වා

5.) කවීෂා දිල්හාරි

6.) ඉමේෂා දුලානි

7.) අනුෂ්කා සංජීවනී

8.) ඕෂදී රණසිංහ

9.) සුගන්දිකා කුමාරි

10.) ඉනෝකා රණවීර

11.) උදේශිකා ප්‍රබෝධනී

12.) හසිනි පෙරේරා

13.) කෞෂිනි නුත්‍යංගනා

14.) අචිනි කුලසූරිය

15.) ඉනෝෂි ප්‍රනාන්දු

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment