උපන්ගෙයිම මියගිය බර්ටි දිසානායක ආර්ථික මධ්‍යස්ථානයට පණ

182

වැසී ගිය ආර්ථික මධ්‍යස්ථානය

අපගේ මාධ්‍ය මගින් බලධාරින් දැණුවත් කරමින් පුවත ඵල දැරූ වසර ගනනාවක් උපන්ගෙයම මිය ගොස් තිබූ මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යෂ්ථානයට යළි පණ දීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කළේය.

උපන්ගෙයිම මියගිය බර්ටි දිසානායක ආර්ථික මධ්‍යස්ථානයට පණ

ඒ අනුව උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව සතුව තිබූ මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ඉදිරියේදී විවෘත කිරීමේ අරමුණින් මැදවච්චිය ප‍්‍රාදේශීය සභාවට ගිවිසුම් ගත්ව භාරදීම ඊයේ (25) සිදු කෙරිණි.

රුපියල් කෝටි 02 ට ආසන්න මුදලක් වැය කරමින් එවක ආරම්භ කර ඇති බර්ටි පේ‍්‍රමලාල් ආර්ථික මධ්‍යස්ථානය පරිපාලන ගොඩනැගිල්ලක්, කාර්යාල කාමර දෙකක් සහ කඩ කාමර 28 කින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියකි. පරිපාලනයේ පැවති දුර්වලකම් හේතුවෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානය වසර 12ට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රි කේ.එච් නන්දසේන, අමාත්‍යාංශ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, කොමසාරිස් ආර්.එම්. නිෂාන්ත, ප‍්‍රාදේශීය ලේකම් එම්.සී. මලවආරච්චි, මැදවච්චිය ප‍්‍රාදේශීය සභා සභාපති හේරත් සේනාරත්න, ලේකම් චන්දිමා සේමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

මැදවච්චිය-ගයාන්


advertistmentadvertistment
advertistmentadvertistment