බස් මෝටර් රථ මුහුණට මුහුණ ගැටී එකම පවුලේ සිවුදෙනකුට බරපතලයි  

639

මඩකළපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කලවන්චිකුඩි පොලිස් වසමේ කලූතාවලාහි පෙරේදා (11 දා) සවස සිදුවූ අනතුරකින් සිව්දෙනකු බරපතළ තුවාල ලබා කලවංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කළ බව කලවංචිකුඩි පොලිසිය පවසයි.

කල්මුණේ සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්, මඩකලපුවේ දෙසින් කල්මුණේ දෙසට ධාවනය වූ මෝටර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව වාර්තා වේ. එම මෝටර් රථයේ මව, පියා හා දරුවන් දෙපළ ගමන් කර ඇත.

මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනා බරපතළ තුවාල ලබා කලවංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුර සිදුවූ ස්වල්ප වේලාවකින් එම ස්ථානයට ගිය කලවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපති අබේවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම අනතුරට පත් වාහන ඉවත් කර වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන ලදී.

මඩකළපුව – ටී. එල්. ජවුෆර් ඛාන්

advertistmentadvertistment
advertistmentadvertistment