බෙනඩික් විදුහලට කඩුලු හතක ජයක්

79

ශාන්ත බෙනඩික් සහ වෙස්ලි විදුහල අතර පැවති එක් දින ක්‍රිකට් තරගයේ දී කඩුලු 07 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට බෙනඩික් විදුහල් කණ්ඩායම සමත් වූයේය.

කාසියේ වාසිය හිමි කර ගත් ශාන්ත බෙනඩික් විදුහල පන්දුවට පහර දීමට වෙස්ලි ක්‍රීඩා කණ්ඩායමට අවස්ථාව ලබා දුන් අතර වෙස්ලි කණ්ඩායම ඕවර පනහකදී (50) කඩුලු නවයක් (09) දැවී ලකුණු දෙසිය දාසයක් (216) රැස්කර ගත්තේය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත බෙනඩික් විදුහලේ ක්‍රීඩකයෝ ඕවර් හතළිස් අටකදී (48) කඩුලු තුනක් (03) පමණක් දැවී ලකුණු දෙසිය විසි දෙකක් ලබා ගනිමින් (222) ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූහ.

එහිදී හොඳම පන්දු රකින්නා සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෙනඩික් විදුහලේ උපනායක ස්ටීව් අර්ශාන් ජෝසප්, හොඳම පන්දු යවන්නා ලෙස බෙනඩික් විදුහලේ සෙල්ව නායගම් අක්ෂයර් සහ හොඳම පිතිකරු ලෙස බෙනඩික් විදුහලේ නායක ෂාරුජන් ශන්මුගනාදන් සම්මාන ලබා ගත්තේය.

තරගය අවසානයේදී බෙනදික් විදුහලේ විදුහල්පති ආචාර්ය පුබුදු රාජපක්ෂ සහෝදර තුමා, ක්‍රීඩා භාර සහ හය හත අට වසර වල අංශ ප්‍රධානී ඇන්ටන් පියුමාල් සහෝදර තුමා, ක්‍රීඩා භාර ආචාර්ය ජුඩ් ඩික්සන් හා ක්‍රීඩකයො ජයග්‍රාහී කුසලාන ඵලකය සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙසේය.

advertistmentadvertistment
advertistmentadvertistment