අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන පාපන්දු තරගාවලිය: ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් අද ගැටෙයි

103

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සිව් වැනි තරගය ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර අද (13දා) රාත‍්‍රී 09.00 ට කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී ආරම්භ කෙරේ.

අද (13දා) පස්වරු 04.00 ට පැවැත්වෙන තෙවන තරගයේදී බංග්ලාදේශයට එරෙහිව මාලදිවයින තරග වැදීමට නියමිතය.

මෙතෙක් පැවැති තරග ආශ‍්‍රිතව තම අපරාජිත බව තහවුරු කරගෙන සිටින මෙම කණ්ඩායම් හතරම අද දිනයේ ජයග‍්‍රහණය බලාපොරොත්තුවෙන් ක‍්‍රීඩාංගණයට පිවිසෙනු නොඅනුමානය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් තරග යුගළ මෙන්ම මෙම තරගය ද්විත්වය ද ආරම්භයේ සිට අවසානය දක්වා ම තියුණු මුහුණුවරකට පෙරළෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

සත්කාරක දේශීය ලෙස මෙවර තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගය දක්වා පිවිසීමට නම් අද දිනයේ දී සීෂෙල්ස් පිලට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ උපරිම දක්ෂතාවය ප‍්‍රදර්ශනය විය යුතුමය.

මාලදිවයින සමග පැවති මුල්ම තරගයේදී නිවැරදි රිද්මයට අවතීර්ණ වෙමින් දෙවන භාගයේදී ප‍්‍රදර්ශනය කළ දක්ෂතා මෙරට ක‍්‍රීඩකයින්ගේ කැපී පෙනුණි. එහෙත්, ප‍්‍රථම භාගයේදී අසාර්ථක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස තරගයේ ජයග‍්‍රහණය නොපෙනෙන මානයකට විහිදී ගිය නමුත් අවසන් නළා හඬ නිකුත් වන විට ගෝල් 04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට හැකි වූයේ තම සටන්කාමී ක‍්‍රීඩා රටාව මොනවට පැහැදිලි කරමිනි.

මෑත ඉතිහාසයේ මාලදිවයිනට එරෙහිව ශ‍්‍රී ලංකා පිල ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය මෙය වූ අතර එය අද දිනයේ දී නියතව පවත්වා ගෙන යාම අතිශයින්ම වැදගත් වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment