සිරිමාවෝ මැතිනියගේ 107 වැනි ජන්ම දින සැමරුම අද

50

ලොව ප්‍රථම අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වැනි ජන්ම දිනය අදට (17 දාට) යෙදී තිබේ.

මෙරට තෙවන අගමැතිවරයා වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වෙමින් 1960 ජූලි 21 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ඇය ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස තේරී පත්වූවාය. ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙතක අභිමානවත් දේශයක් කරන්නට හා ප්‍රගතිශීලී දේශපාලන ආර්ථික තීන්දු රැසක් ඇය වරින්වර අගමැති පදවිය හොබවත්දී රටට උරුමකර දුන්නාය.

2000 ඔක්තෝබර් 10 වැනිදා පැවති මහා මැතිවරණ දින නිට්ටඹුවේදී සිය ඡන්දය ප්‍රකාශ කර ආපසු කොළඹ යන අතරතුර කඩවතදී එතුමිය අභාවප්‍රාප්ත වූවාය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment