පාසල් හොකී කණ්ඩායම් තෝරා ගැනීම් අද සහ හෙට

42

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ දී ක්‍රියාත්මක කෙරෙන ජාතික කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 21 න් පහළ පිරිමි සහ කාන්තා හොකී තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා පාසල් බාලක සහ බාලිකා කණ්ඩායම් තෝරා ගැනීමේ පරීක්ෂණය අද (08) සහ හෙට (09) යන දෙදින පැවැත්වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මෙවර බාලිකා කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණය අද දින පෙ.ව. 08.00 සිට ප.ව. 05.00 දක්වා ද බාලක කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණය හෙට දින පෙ.ව. 08.00 සිට ප.ව. 05.00 දක්වා ද පැවැත්වේ.

මෙම තෝරා ගැනීමේ පරීක්ෂණයට 2004, 2005 සහ 2006 උපත ලබා ඇති හොකී දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට පමණක් සහභාගි විය හැකිය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා තම පාසලේ ඉගෙනුම ලබන බවත්, කිසිදු සන්නද්ධ සේවාවකට හෝ වෙළෙඳ සේවා ආයතනයකට ඇතුළත් වෙමින් වැටුප් නොලබන බවත්, විශ්වවිද්‍යාලයීය වරම් ලබා නොසිටින බවත් සනාථ කර එවීමට කාරුණික වන ලෙස ද විදුහල්පති මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment