ආසියානු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇමැති අනුමැතිය

159

චීනයේ හැංශුයි නුවර දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් 96 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

ඒ සඳහා පිටත්ව යන ක්‍රීඩකයින් 62 දෙනා සහ ක්‍රීඩිකාවන් 34 දෙනා සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය පසුගියදා හිමිවිය.

ක්‍රීඩා 20 ක් සඳහා මෙම ක්‍රීඩකයින් තරග කරනු ඇති අතර එම ක්‍රීඩා 20 සඳහා කළමනාකරුවන් 20 ක් සහ පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වේ. වෛද්‍ය කණ්ඩායමේ 06 ක් ද, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් 07 දෙනෙකුද ඇතුළත්ව මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 153 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.

මෙම කණ්ඩායම සඳහා පළමුව නම් ඇතුළත්ව නොතිබුණු පුහුණුකරුවන් දෙදෙනකුගේ නම් ද පසුව ඇතුළත් කෙරිණි.

එනම් වසර 32 කට පසු මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් නදිෂා රාමනායක ක්‍රීඩිකාවගේ පුහුණුකරු ඩබ්.ජී.එම්.තුෂාර මහතා සහ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා දුන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment