ජනපති ඉවත් නොවේ නම් මොන යාන්ත‍්‍රණයකින්වත් වැඩක් නෑ – අනුර කුමාර දිසානායක

334

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම යන කොන්දේසියට යටත්ව ඕනෑම සාකච්ඡුාවකට සූදානම් බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) පැවසීය.

එසේ නොමැතිව වත්මන් පාලකයන් සිදුකරන කිසිදු යෝජනාවක් ජනතාව පිළිගන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනපති ඉවත් නොවේ නම් මොන යාන්ත‍්‍රණයකින්වත්  වැඩක් නෑ - අනුර කුමාර දිසානායක

ආණ්ඩුව යෝජනා කරන කිසිවක් පිළිගැනීමට ජනතාව සූදානම් නැති බැවින් ඔවුන් තවමත් මහපාරේ හඬනගන බව කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා එම පුටුවේ වාඩි වී සිටියදී ඊට යටින් පිහිටුවන සභාග හෝ අන්තර්වාර පාලනයකට තමන් සූදානම් නැතැයි ද කියා සිටියේය.

වත්මන් අර්බුදයේ කේන්ද්‍රය ජනාධිපතිවරයා බවත් ඔහු ඉවත් නොවන්නේ නම් කිසිදු යාන්ත‍්‍රණයක් පිළිබඳ සාකච්ඡා කිරීම ඵලක් නැති බවත්, අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment