දරුණුතම ආර්ථික සුනාමිය මේ වසරේ

485

ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑමකට මේ වසරේ (2022) දී මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශවල විද්වත්හු පවසති. මේ වසරේ (2022) මූර්ත ආදායම ගත්විට උග්‍ර විදුලිබල අර්බුදය, උග්‍ර ඉන්ධන අර්බුදය විදේශ විනිමය අර්බුදය, ආහාර අර්බුදය සහ පොහොර අර්බුදය යන හැම අර්බුදයක්ම එකතු වී මේ වසරේ (2022) ආර්ථික වර්ධනය මෙසේ සියයට 10කින් පමණ පසුබෑමකට ලක් වනු ඇතැයි යන්න ස්වාධීන අර්ථශාස්ත්‍රඥයින් බොහොමයකගේ මතය බවද විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා පවසන්නේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 10කින් පමණ සංකෝචනය වීමකට (පසුබෑමකට) ලක් වනු ඇති බවයි. ගිය වසරේ (2021) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.7ක ධන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. මේ අනුව මුලින් ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබුණේ මේ වසෙර් (2022) දී සියයට 5.2ක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවයි. එහෙත් 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් මහ බැංකුව ප්‍රකාශ කළේ මේ වසරේ (2022) ආර්ථික වර්ධනය සියයට එකක් දක්වා අඩුවනු ඇති බවයි. මේ අතර දැන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මේ වසරේ ආර්ථික වර්ධනයේ පසුබෑමක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ප්‍රධාන ආර්ථික දර්ශක කිහිපයක් මගින් පිළිබිඹු වන ආකාරයට පවතින සැපයුම් හිඟය, බලශක්ති ගැටලු සහ සමාජ නොසන්සුන්තාව මගින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.මේ වසරේ (2022) ලෝක ආර්ථික වර්ධනයද පහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment