අසිරිමත් ශු. ජපමාලය සහ දුඹුරු පැහැ බෙන්තිඥ්ඥය පිළිබඳ කතා පුවත

228

ශු. ජපමාලය හා කාර්මෙල් සළුධාතුව හා සබැඳි අතිශය වැදගත් කතා පුවත පවතින අතර ඒවායේ එකිනෙකට බැඳී පවතින්නේ දේව මාතාවන්ගේ මැදිහත්කම තුළින් අපේ විශ්වාසයේ ජීවිතය තහවුරු වන බවකි. දේව මාතාවන් විසින් ලොවට තිළිණ කළ ශුද්ධවූ ජපමාලය හා කාර්මෙල් සළුධාතුව තුළින් දේව ජනතාවට එදා මෙදා තුර ලැබී ඇති අසිරිමත් වරප්‍රසාද පිළිබඳව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. ජපමාලය පිළිබඳ අප බොහෝ දේ අසා ඇතත් කාර්මෙල් සළුධාතුව පිළිබඳව ඇති තතු සැදැහැවත් බොහෝ දෙනා නොදන්නා කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරිම යෙහෙකැයි හැඟේ.

කාර්මෙල් සළුධාතුව නොහොත් ජනවහරට අනුව “කාර්මෙල් බෙන්තිඥ්ඥය” නිර්මල දේව මාතාවන් විසින් ලොවට තිළිණ කරන ලද්දකි. ක්‍රි.ව. 1251 ජූලි 16 වන දින ශුද්ධවූ සයිමන් ස්ටොක් තුමාට වූ පොරොන්දු කීපයක් මෙසේය. “ කාර්මෙල් සළුධාතුව පැළඳ මිය යන තැනැත්තේ කිසිම දිනක සදාකාලික නිරයට නොයනු ඇත.” නිර්මල දේව මාතාවන් ශුද්ධවූ ඩොමිනික් තුමාට පැවසූ පරිදි යම් දිනක ශුද්ධවූ ජපමාලය සහ කාර්මෙල් සළුධාතුව මගින් මෙම ලෝකය ගලවා ගන්නෙමි. කුරුසියේ ශුද්ධවූ ජුවාම් තුමාගේ සොහොයුරකු වන යෙපසියේ ෆ්‍රැන්සිස් හට සාතන් අනාවරණය කළ පරිදි ඔහු හට මහත් පීඩාවක් වන්නේ පළමුව “ජේසුස්” යන ශ්‍රී නාමය දෙවනුව “මරිය” යන ශ්‍රී නාමය සහ තුන්වනුව “කාර්මෙල් සළුධාතුව” වේ.

තවද අශුද්ධ ආත්මයන් කෑමොර ගසා මෙසේ ද පැවසූ බව සඳහන් වෙයි. “ඔබ පැළඳ සිටින කාර්මෙල් සළුධාතුව ගලවා දමන්න. අපට අයිතිවන්නා වූ සෑම ආත්මයක්ම අපෙන් ඩැහැගත්තේ ඔය පළඳනාවයි. ඔය පළඳනාව සමග මරණයට පත්වන සෑම කෙනෙක්ම ශුද්ධවත් මරණයක් ලබා අපෙන් මිදෙනු ඇත.”

මෙම කරුණු අනුව මෙම සළුධාතුවේ ඇති බලගතු බව පැහැදිලි වන්නේය. තවද පාතිමාවේ 1917 ඔක්තෝබර් 13 වන දින සූර්යයා තුළින් පිළිබිඹු කළ ප්‍රාතිහාර්යය සමග දර්ශනය වූ අවස්ථාවේ දෙව් මවුන් කාර්මෙල් සළුධාතුව ලොවට පෙන්වා සිටිය බව ද පැවසේ.

මෙම සළුධාතුව නිරන්තරයෙන් පැළඳගෙන සිටීමත් අවම වශයෙන් ශුද්ධවූ ජපමාලයේ පන්ති පහක් දිනපතා ඔප්පු කිරීමත් දේව මාතාවන්ගේ බලාපොරොත්තුව වූ බව කියැවේ.

මෙම කාර්මෙල් සළුධාතුව කොතරම් බලගතු දැයි කිවහොත් ක්‍රි.ව. 1280 සිට සෑම ශුද්ධෝත්තම පියතුමකුම කාර්මෙල් සළුධාතුව පැළඳ සිටි බව සඳහන් වෙයි.

සී. ආර්. ඩික්සන් ඇන්ටනී – රාගම විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment