බයිබලය

310

පොත්පත් අතරින් ශුද්ධවූ යන නාමය ලැබීමේ වාසනාව ඇත්තේ බයිබලයට පමණි. දෙවියන් වහන්සේ විසින් මිනිසාට එවූ ආදරණීය ලිපියක් ලෙස බයිබලය දැක්විය හැකිය. මෙම ආදරයේ සුවිශේෂි ලකුණ නම් දෙව් මිනිස් සබඳතාවයි. බයිබලයේ එකම තේමාව ජේසු සමිඳුන්ය. කිතුනු ඇදහිල්ලේ හා විශ්වාසයේ පදනම ද එයයි. පුරාතන ගිවිසුම හා නව ගිවිසුම යනු මෙහි ප්‍රධාන කොටස් දෙකය.

හීබෲ බයිබලය ලතින් බසට පරිවර්තනය කිරීම ශු. ජෙරොම් තුමා අතින් සිදුවිය. කතෝලික සභාවෙන් වෙන්වූ මාටින් ලූතර් 1521 දී එය ජර්මන් බසට පරිවර්තනය කළේය. බයිබලය විද්‍යාත්මකව විමර්ශනය කර එහි නියම පණිවුඩය සොයා ගත යුතු බව 1850 දී, 9 වන පියුස් පාප්තුමා ප්‍රකාශ කළ අතර බයිබලය දිනපතා හැදෑරීමේ අවශ්‍යතාව 1896 දී 13 වන ලියෝ පාප්තුමා අවධාරණය කළේය. ශුද්ධවූ බයිබලය දේවානුභාවයෙන් ලියැවුණු බව (ශුද්ධාත්ම ආනුභාවය) 1943 දී 12 වන පියුස් පාප්තුමා පැහැදිලි කළ අතර 1965 දෙවන වතිකානු කතිකාවට පසුව දේශිය භාෂාවලට එය පරිවර්තනය කිරීමේ අවසරය ලැබිණි. ශුද්ධ බයිබලය දේව වචනය බවත් එනම් ජේසු සමිඳුන් බවත් ප්‍රකාශ කෙරුණේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේදීය.

කැලිස්ටස් ජයමාන්න

බයිබලය

advertistmentadvertistment
advertistmentadvertistment