ජීවිතයේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණොත් දුප්පතා වුවත් කෝටිපතියා වුවත් දිවි නසා ගැනීමට පෙලඹෙනවා – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

137

තම ජීවිතයේ ගැටලුවලට නිසි විසඳුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයකු, කෝටිපතියකු හෝ බුද්ධිමතකු වුවද සියදිවි නසා ගැනීමට පෙලඹිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා “දිවයින”ට ඊයේ (25 දා) පැවසීය.

ප්‍රශ්න ඇති විට එය දැනගැනීම සඳහා මොළයේ ඇති සාන්ද්‍රණය ක්‍රියාත්මක නොවන බව ද දීර්ඝ කාලීනව ගැටලු හා දැඩි මානසික පීඩනයට ලක්වීම හේතුවෙන් පුද්ගලයකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වන බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ රූමි රූබන් මහතා මෙසේද කීය.

විෂාදය මේ තත්ත්වයට විශේෂයෙන්ම බලපානවා. විෂාදය දීර්ඝකාලීනව තියෙන අය දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. ඒ වගේම ඒ අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය ද අඩාල වෙනවා. මේ තත්ත්වය තුළ පූර්ව මස්තිෂ්කය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නැහැ. දුප්පතා ද ධනවතා ද බුද්ධිමතා ද කියලා නැහැ ඒ ඕන කෙනෙක් සියදිවි නසා ගන්නවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment