කථානායකට එරෙහි විශ්වාසභංගය අද-හෙට විවාදයට – ඡන්දය හෙට සවස

89

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) දෙදින විවාදයට ගැනේ.

අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද, හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා ද විවාදය පැවැත්වෙන අතර හෙට ප.ව. 4.30 ට ඡන්ද විමසීම පැවැත්වෙන බව වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් හංස අබේරත්න මහතා පැවසීය.

මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී කථානායකවරයා පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් විපක්ෂය ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment