ගුරු වැටුප වැඩි කරන්න මුදල් නිදහස් කළා – ඇමැති සියඹලාපිටිය

214

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අදාළව ගුරු වැටුප් ගෙවීම සඳහා වන මුදල් මහා භාණ්ඩාගාරය මගින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ අනුව 2024 අයවැය මගින් යෝජිත රු.10,000ක වැටුප් වැඩිකිරීමේ මුල් අදියර වන රු.5000 මුදල වැඩි කිරීමට අදාළව මේ මුදල් නිදහස් කළ බව ද ඇමැති සියඹලාපිටිය පවසයි.

දැනට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 95ක පමණ මුදලක් වැය වන බවත් මේ රු.5000ක වැටුප් වැඩිවීම නිසා එම වියදම තවත් රු.බිලියන 7කින් ඉහළ යන බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment