මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රියෙල් 25 දා

382

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් ලක්‍ෂ 274 ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අප්‍රේල් 25 වැනිදා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (14) දින නියම කළේය.

2012.10.30 වැනිදා හා 2013.04.20 වැනිදා කාලය අතරතුරදී එකී වරද සිදුකිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුව ඊයේ (14 දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා හා ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා වාචික දේශන ඉදිරිපත් කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment