ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය – ශ්‍රී ලංකාව අද භූතානය සමග තරග බිමට

86

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් අහිමිවූ කණ්ඩායම් අතර කලාපීය මට්ටමින් ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන ෆිෆා දෙවන පෙළ තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව සහ භූතානය අතර තරගය අද (25 වැනිදා) කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද රාත්‍රී 8.45 ට එම තරගය පැවැත්වෙන අතර පැපුවා නිවිගිනියාව සහ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය අතර තරගය අද ප.ව. 3.00 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව පසුගිය සිකුරාදා පැපුවා නිවිගිනියාව සමග සහභාගි වූ තරගය 0-0 ක් ලෙස විසඳුමකින් තොරව නිමා වූයේය.

එදිනම සවස භූතානය සමග පැවති තරගයෙන් ගෝල් 6-0 ක පහසු ජයග්‍රහණයක් මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment