15 කට මරු කැඳවා මරණ දඬුවමට නියම වූ වරෙන්තුකරු අත්අඩංගුවට

106

වැලිකන්ද සෙවනපිටිය දුම්රිය වැට කඩාගෙන බස් රථයක් ධාවනය කිරීමෙන් දුම්රියේ ගැටී මගීන් 15 දෙනකුට මරණය සිදුකර 40 කට බරපතළ තුවාල සිදුකිරීම ගැන මරණ දඬුවම නියමව සිටි වරෙන්තුකරුවෙක් ඊයේ (14දා) උදේ වැලිකන්ද නගරයේදී අත්අඩංගුවට ගැනුණි.

මෙම තැනැත්තාට පොළොන්නරුව මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා නියම කර තිබිණි. ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිට වරෙන්තුපිට සිටියදී වැලිකන්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණි. වරෙන්තුකරු 39 හැවිරිදි වාලච්චේනේ පදිංචිකරුවෙකි.

චමින්ද සිල්වා හා කරුණාරත්න ගමගේ – පොළොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment