ජීප්රථ යතුරුපැදි ගැටුමෙන් පැදිකරු එතැනමයි

113

හිඟුරක්ගොඩ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ නෙල් මාවත ප්‍රදේශයේදී ඊයේ (06 දා) උදෑසන 9.15 ට පමණ ලෑන්ඩ්රෝවර් වර්ගයේ ජීප් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීම නිසා යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා එතැනම මරුමුවට පත්ව ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ අක්කර හැත්තෑව පදිංචි ගාමිණී හියුබට් නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. ජීප්රථය හා යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් පසු ජීප්රථය අසල ඇති ඇළකට වැටී ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර කැබලි වී තිබූ බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලද ජිප් රථ රියැදුරාද හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පො.සැ. පෙරේරා (63570), පො.කො. වරුන් වන දිසානායක (100158), මෙත්තසිංහ (98007) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

advertistmentadvertistment
advertistmentadvertistment