නීති පීඨයේ කඩ්ඩ මැතිසබය රත් කරයි

225


නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසියෙන් පමණක් සිදුකිරීමට ගෙන ඇති තීරණය වෙනස් කිරීමට ඇති හැකියාව සම්බන්ධව අගවිනිසුරුවරයා සමග සාච්ඡාකර පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ මෙතෙක් පැවතියේ තම මව් භාෂාවෙන් ඉගෙනීමට හැකි ලෙස බවය.ඊට පිළිතුරු දෙමින් විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පැවසූවේ නීති ප්‍රවේශ විභාගයට තම මව් භාෂාවෙන් පෙනී සිටිය හැකි බවය.එසේම තම මව් භාෂාවෙන් ඉගෙනුම ලබා වෛද්‍ය පීඨය,ඉංජිනේරු පීඨය වෙත ඇතුළත් වෙන දරුවන් ඉගෙනුම ලබන්නේ ඉංග්‍රීසියෙන් බැවින් නීති පීඨයේද ඉංග්‍රීසියෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ වරදක් නැති බවය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් පැවසූවේ නීති පීඨයේ පමණක් නොව ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පියවර ගත යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment