ශ්‍රී ලංකාව වසර 11 කට පසුව භූතානය පරදවයි

308

ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලැබූ රටවල් අතර පළමුවරට පැවැත්වෙන ෆිෆා දෙවන අදියරේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවති තරගයෙන් ගෝල් 2-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

එම තරගාවලියේ අවසන් තරගය ලෙස පෙරේදා (25 වැනිදා) රාත්‍රී කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 11 කට පසුව භූතානය පැරදවූ පළමු අවස්ථාව ලෙස සටහන් විය.

තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලම කිසිදු ගෝලයක් නොලබා (0-0) ක් ලෙස සම මට්ටමේ විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගෝල දෙක ඩිලන් ද සිල්වා සහ ඔලිවර් කෙලාර්ට් විසින් වාර්තා කරන ලද අතර එම දෙදෙනාම විදෙස් සම්භවයක් ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ වෙති.

පසුගිය වසරේ ක්‍රියාත්මක වූ ෆිෆා තරග තහනමෙන් පසු ශ්‍රී ලංකාව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය මෙය වෙයි.

ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය පැපුවා නිව්ගිනියාව සමග ගෝල 0-0 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

අතිවිශාල ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම තරගය කොළඹ රීඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පාපන්දු තරග ඉතිහාසය අනුව අවසන් වරට 2013 වසරේ දී ශ්‍රී ලංකාව විසින් 5-2 ක් ලෙස භූතානය පරාජයට පත් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් භූතානය පරාජයට පත් කරන ලද 6 වැනි අවස්ථාව මෙය වෙයි.

මේ අතර 2015 වසරේදී භූතානය විසින් ශ්‍රී ලංකාව තරග 2 කදී පිට පිටම ගෝල 1-0 සහ ගෝල 2-1 ක් ලෙස පරාජය කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment