ඇනට් මාරි ජසින්තාට ජාත්‍යන්තර සම්මානයක්

77

සම්මානලාභී ලේඛිකාවක, මාධ්‍යවේදිනියක හා ග්‍රන්ථ කතුවරියක වන ඇනට් මාරි ජසින්තා මහත්මිය “ආසියාවේ ආලෝකය” (Light of Asia) ජාත්‍යන්තර සම්මාන උළෙලේ ලේඛන අංශයේ සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

එම ජාත්‍යන්තර සම්මාන උළෙල ලබන 12 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර ආදිත්‍යයා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ලේඛන කලාව කෙරෙහි පැවැති නොනිත් අශාව නිසාම ළමා අවධියේදීම ලේඛන කලාවට පිවිස සිය නිසඟ හැකියාවන් දිනෙන් දින මුවහත් කරමින් ඇනට් මාරි ජසින්තා මහත්මිය භක්ති ප්‍රබෝධනය, ඥානාර්ථ ප්‍රදීපය, පහන් ටැඹ යන කිතුනු පුවත්පත් හා සඟරාවලින් මෙන්ම දිවයින,ලංකාදීප,මවුබිම හා සිළුමිණ යනාදී ජාතික පුවත්පත්වලට සැපයූ සාරගර්භ ලිපි මගින් සිය නිසඟ ලේඛන හැකියාවන් පාඨක ජනතාවට පෙන්වා දීමට සමත් වූවාය. කලක් කුරුණෑගල පදවි කතෝලික ජනමාධ්‍ය පර්ෂදයේ ප්‍රධාන ලේඛම්වරිය ලෙස ද කටයුතු කළ එම මහත්මිය ලේඛන කලාවට කළ අමිල මෙහෙවර අගයමින් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සේවා ප්‍රසාදිනී – 2006 සම්මානයේ හා 2018 වසරේ දී සත්‍යාලෝක ගෞරව ප්‍රණාම සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. ඉටුකළ මාධ්‍ය මෙහෙවර අගයමින් ජාතික කතෝලික ලේඛක සංවිධානය විසින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන 2023 රන් සම්මානයෙන් ද පිදුම් ලැබූ එම මහත්මිය මේ වනවිට ජාතික කතෝලික ලේඛක සංවිධානයේ උප ලේකම්වරිය ලෙස කටයුතු කරන්නීය. 2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති රාජ්‍ය ගෞරව සම්මාන උළෙලේදී “ලංකා ලංකාරි උත්තමාවි’ උත්තමාචාර සම්මානයෙන් ද පිදුම් ලැබූ එම මහත්මිය ග්‍රන්ථ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියා පළ කළ කෘතහස්ථ ගත්කතුවරියක ද වන්නීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment