වාහන දඩ මුදල් වැඩි කරන්න හදයි

3631

දිනෙන් දින රිය අනතුරු ඉහළයෑම සැලකිල්ලට ගනිමින් නීතිරීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ මුදල් වැඩිකිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද මේ බව පැවසුවේ රිය ධාවනයට පෙර රියදුරාගේ ශරීර යෝග්‍යතාව හා මානසික ඒකාග්‍රතාව නිවැරදිව පරීක්ෂා කරන යන්ත්‍රයක් සවිකර ඇති වේයන්ගොඩ පෞද්ගලික රියදුරු පාසලක් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය. දැනට සිදුවෙන පරීක්ෂණවලට අමතරව නවීන තාක්ෂණය භාවිත කරලා රියදුරන්ගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම මැන බැලීමේ ක්‍රමවේදයක් දැනට අනුගමනය කරන බවත් තවදුරටත් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් සදහන් කළේය. දඬුවම් වැඩිකිරීම පිළිබඳවත් අවධානය යොමුකර ඇති බවත් රිය ධාවනයට පෙර එම රථය ධාවනය කරන රියදුරාගේ ශරීර යෝග්‍යතාව හා මානසික ඒකාග්‍රතාව නිවැරදිව පරීක්ෂා කළ යුතු බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment