ටයිටැනික් බලන්න ගිය ටයිටන් අතුරුදන්

2764

ටයිටැනික් නැවේ සුන්බුන් දැකබලාගැනීමට ගිය කුඩා සබ්මැරීනයක් අතුරුදන්වීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය මේ වනවිට වාර්තා කරයි.අමෙරිකාවේ මැසචුසෙට් වෙරළට කිලෝමීටර් 1,500ක් පමණ ඈතින් වූ ප්‍ර දේශයකදී මුහුදු පත්ලට යැවුණු එම කුඩා සබ්මැරීනය සමග සන්නිවේදනය බිඳවැටුණු බව එහි මවු නෞකාව “පෝලා ප්‍රින්ස්” අමෙරිකානු වෙරළාරක්ෂක බළකායට දැනුම් දී ඇත.එය සෙවීම සඳහා රේඩාර් නිරීක්ෂණ පහසුකම් සහිත ගුවන් යානා දෙකක් මෙන්ම යාත්‍රා කිහිපයක්ද යොදවා තිබේ.’ටයිටන්’ නම් වූ මෙම කුඩා සබ්මැරීනයේ නියමුවා සහ සංචාරකයන් 04 දෙනෙකු ගමන් කර ඇති අතර එය මීටර් 4,000ක් දක්වා මුහුදු පත්ලට ගියද එහි සිටින අයගේ සෞඛ්‍ය තත්ත්වය පවා නිරීක්ෂණය කිරිමට හැකියාවක් තිබූ බව සංචාරක මෙහෙයුම සිදුකළ ඕෂන් ගේට් සමාගම සඳහන් කළේය.මීටර් 6.7ක් දිගැති කාබන් ෆයිබර් සහ ටයිටේනියම් ලෝහයෙන් තැනූ එම කුඩා සබ්මැරීනයට පැය 96ක කාලයක් මුහුදු පත්ලේ සැරිසැරීමට හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.ටයිටැනික් නිරීක්ෂණ සංචාරය සඳහා මෙහි ගමන්ගත් හතරදෙනා අමෙරිකානු ඩොලර් 250,000 බැගින් ගෙවා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.මෙතරම් මුදලක් ගෙවා මෙහි ගමන්ගත් සංචාරකයන් අතර ඇක්ෂන් ඒවියේෂන් නමැති ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වන හමිෂ් හාඩින් මෙන්ම පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සමාජිකයන් වන එන්ග්‍රෝ කෝපරේෂන් සභාපති ෂසඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද වෙති.තවත් මාධ්‍ය වාර්තාකරන පරිදි එම කුඩා සබ්මැරීන්යේ ටයිටැනික් නිරීක්ෂණයට එක්වූ හතරවැන්නා ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ එහි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් ය.ප්‍රංශ ජාතික පෝල් හෙන්රි නර්ගෙලොට් සබ්මැරීනයේ නියමුවා ලෙස කටයුතු කර ඇති බව සඳහන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment