යාපනයේ වැඩිම විපත් වඩමරච්චි හා පේදුරුතුඩුවට

112


අධික වර්ෂාව හේතුවෙන් එක්වූ ජලය මෙතෙක් බැස නොයාම නිසා යාපනයේ පවුල් 3875 කට අයත් වැසියන් 11489 ක් තවමත් ආරක්ෂිත ස්ථාන වල රදවා සිටින බව යාපනය දිස්ත්‍රික් ලේකම්කාර්යාලය සදහන් කරයි.
මේ වැසියන්ට අවශ්‍ය පිසූ ආහාර රජයෙන් සපයා දෙන අතර ආරක්ෂක අංශ වලින්ද ආහාරපාන ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා දේ.
යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ වඩමරච්චි හා පේදුරුතුඩුව යන ප්‍රදේශ වලින් වන අතර පවුල් 1800 ක පිරිසක් එම පළාත් වලින් විපතට පත්ව සිටිති.
යාපනයේ අරියාලේ ප්‍රදේශය මේ වනවිටත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර එම ප්‍රදේශවල ගමනාගමන කටයුතුද මුලුමනින්ම ඇණහිට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment