අරවින්දි තරම් ගයාති‍්‍ර කේළාම් කියන්නේ නැහැ

1605

* සම්පූර්ණ නම ගයාති‍්‍ර මාර්ටිනා මාරි පැල්පොල

 * පදිංචිය බත්තරමුල්ල, පැලවත්ත

 * ඉගෙන ගත්තේ වත්තල සෙන්ට් ඈන්ස් කොන්වන්ට්




 ඇයව අපට මේ දිනවල දකින්න ලැබෙන්නේ පාරදිගේ ටෙලි නාට්‍යයේ අරවින්දි ලෙසයි. ඒ වගේම මෙට්‍රෝ හීන හි මැඩම් නුරානි සිල්වා ලෙසත් ඔබ හමුවට එනවා. නමින් ගයාති‍්‍ර පැල්පොල වන ඇය පුංචි තිරයට සේන්දු වන විදිහ සොයා බලන්න අපි අදහස් කළා.


 * මේ දිනවල ඔබව වැඩිපුර දකින්න ලැබෙන්නේ?

 වැඩිපුරම මාව දකින්න ලැබෙන්නේ පාර දිගේ ටෙලි නාට්‍යයේ අරවින්දි ලෙසින්. ඒ වගේම මෙට්‍රෝහීන ටෙලි නාට්‍යයේ මැඩම් නුරානි සිල්වා ලෙසත් දකින්න ලැබෙනවා.

 * වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නේ කාටද?

 අරවින්දිට තමයි.

 * මේ දෙන්නගෙන් ගයාති‍්‍රට වැඩිපුර සමීප කවුද?

 දෙන්නගෙන්ම ලොකුවට නැහැ. අරවින්දි කියන්නේ කේන්ති ගන්න චරිතයක්. මම නම් අරවින්දි වගේ කේලම් කියන්නේ නැහැ හරි සාමාන්‍ය චරිතයක්.

අරවින්දි තරම් ගයාති‍්‍ර කේළාම් කියන්නේ නැහැ



 * ගයාති‍්‍රට අරවින්දි වෙන්න ලැබුණේ කොහොමද?

 පාරදිගේ මගේ දෙවැනි නාට්‍යය. පළමුවෙන්ම මම රඟපෑවා අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ. මට රඟපෑමට අවස්ථාව ලැබුණේ චාමර අයියා වගේම ශිවා අයියා” සද්ධා අයියා හින්දා.

 * රඟපෑමට එන්න කලින් මොනවද කළේ?

 මම රස්සාව කළේ මොබිටෙල් ආයතනයේ පාරිභෝගික සේවා අංශයේ. අවුරුදු 10ක් රස්සාව කරලා දරුවා හම්බවුණාට පස්සේ තමයි රස්සාවෙන් අස්වුණේ.

 * රූ රැුජින තරගයකටත් ඉදිරිපත් වුණා නේද?

 ඔව්. මම 2019 වසරේ මිසිස් යුනයිටඞ් නේ්ෂන් ශී‍්‍ර ලංකා කියන රූ රැුජින තරගාවලියට ඉදිරිපත් වුණා. එහිදී මම මිසිස් යුනයිටඞ් නේෂන් ඔෆ් ශී‍්‍ර ලංකා කියන කිරුළ හිමි කරගත්තා. මලිත් රණසිංහ තමයි මේ තරගාවලිය සංවිධානය කළේ. 2020 තමයි රඟපෑමට එන්න ලැබුණේ.

 * රංගනයට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

 හොඳයි ආසයි.

 * රස්සාව දාලා ඒම ගැන දුක නැතිද?

 රස්සාවෙන් ඉවත් වීමේදී ලොකු දුකක් ඇතිවුණා. මොකද මම අවුරුදු දහයක් රස්සාව කළා. ගොඩක් දේවල් ඉගෙන ගන්නේ එතැනින්.

 පාරිභෝගික සේවා හින්දා හැම ජාතියකම මිනිස්සු ආශ‍්‍රය කරන්න හම්බ වෙනවා. දරුවා බලාගන්න බැරි හින්දයි රස්සාවෙන් ඉවත් වුණේ. දැන් එයා ටිකක් ලොකුයි. ඒකයි රඟපෑමට ආවේ.

අරවින්දි තරම් ගයාති‍්‍ර කේළාම් කියන්නේ නැහැ



 * බබා බලාගන්න රස්සාවෙන් අස්වෙලා රඟපානවා කියලා සැමියා බනින්නේ නැතිද?

 නැහැ. ඔහු තමයි මාව රූ රැුජින තරගාවලියටත් ඉදිරිපත් කළේ. අද මම කොහේ හරි තැනක හයිලයිට්වෙලා ඉන්නවා නම් ඇත්තටම ඒ එයා හින්දයි..

 * ගයාති‍්‍රගේ රඟපෑම් ගැන සැමියා මොකද කියන්නේ?

 ඔහුට නම් මගේ රංගනය දැකලා ගොඩක් වෙලාවට හිනා යනවා.

 * දැන් දුවට වයස කීයද?

 දුවට අවුරුදු හතරහමාරක් වෙනවා.

 * අම්මාව ටීවී එකේ දකිද්දී දුව මොනවද කියන්නේ?

 අම්මි අම්මි කිය කියා පෙන්වනවා. දුවත් අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ මගේම දුව විදිහට රඟපෑවා.

 * රඟපෑමට ලැබෙන ආරාධනා ගැන මොකද හිතන්නේ?

 මට ගැළපෙන චරිත තමයි නිතරම තෝරාගන්න බලන්නේ. ලැබෙන හැම චරිතයම භාර ගන්නේ නැහැ. මගේ සීමාවේ ඉඳලා රඟපාන්න පුළුවන් චරිත තෝරා ගන්නවා.

 * මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලූවොත්?

 ඇත්තටම සතුටුයි. මම හිතුවේ නැහැ මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් වේවි කියලා. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුද්දක් වගේ පුංචි කාලයක්. ඒ කාලය තුළ මාව ගොඩක් දෙනෙක් දැන ගත්තා.

 * ජනපි‍්‍රයත්වය කරදරයක් වෙලා තියෙනවාද?

 ජනපි‍්‍රයත්වය හිසේ උදුම්මවා ගෙන යන්නේ නැහැ. හරි සරලව තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා ජනපි‍්‍රයත්වය කියන්නේ හරි සාමාන්‍ය දෙයක්. මේ ලැබෙන ජනපි‍්‍රයත්වය ගැන ඇත්තටම සතුටුයි. 



 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment