අනුර කුමාරගෙන් එකගතාවයක්

625


ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වෙනවානම් පාර්ලිමේන්තු තුළ යම් එකගතාවයකට පැමිණිය හැකි බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.දීර්ඝ කාලයක සිට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ වනවිට රට බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන බව ද එහි ප්‍රතිවිපාක ලෙස අද අපි ණය ගෙවාගන්න බැරි රාජ්‍යයක් බවට පත්ව ඇතැයිද පැවසීය.එහිදී අනුරකුමාර දිසානායක මහතා මෙසේද කීවේය.අපේ රට දුප්පත්.හැබැයි පාලකයෝ පොහොසත්.එසේ වූයේ රට සංවර්ධනය සඳහා පැමිණි මුදල් දේශපාලකයන් මත තොග ගණන් ගොඩගැසීමයි.ගෝඨාභය රාජපක්ෂ මුලසුන තබාගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුවකින් කිසිවක් වන්නේ නැහැ.එනිසා ඔහුත් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවත් ඉවත් විය යුතුයි.එවිට පාර්ලිමේන්තුව තුළ යම් එකගතාවයකට එන්න අප සූදානම්.

advertistmentadvertistment
advertistmentadvertistment