ප‍්‍රශ්න සමග උත්තරත් දුන් දකුණු පළාත් අධ්‍යාපනය

268

දකුණු පළාත් අධ්‍යාපන දේපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු උසස්පෙළ තෙවන වාර විභාග පරික්ෂණයේ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයේ දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කොට තිබි ඇත..
අද (05) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාල දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රය සිසු දරු දැරියන්ට ලබාදිමට නියමිතව තිබුණි.

ප‍්‍රශ්නපත‍්‍ර කට්ටලය විවෘත කරණ අවස්ථාවේ බෞද්ධ ශිෂ්ටාචාර ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න සමග පිළිතුරුද සදහන්කොට ඇති බව දැනගෙන තිබේ.
ප‍්‍රශ්න පත‍්‍රයේ මුල් පිටුවේ ප‍්‍රශ්න 08ක් සදහන් කොට ඇති අතර. 02,03,04 යන පිටුවල එම ප‍්‍රශ්නවලට අදලා පිළිතුරු සදහන්කොට තිබි ඇත.

පසුව කළාප අධ්‍යාපන කාර්යාල මගින් ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න පමණක් ඇති මුල් පිටුව ඡුයා පිටපත්කොට ලබාදෙන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment