පළමු ස්ථාන 10 ගැන ඇමැති සුසිල් කියයි

88

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව ලංකාවේ පළමු ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියකටද, දෙවන ස්ථානය යාපනය වෙම්බඩි උසස් විද්‍යාලයේ හා තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් තිදෙනාට ද හිමිව ඇති බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01 දා) පැවසීය.

එමෙන්ම සිව්වන ස්ථාන දෙකක් ඇති බවත් කොළඹ රාජකීය විද්‍යාලය හා ගම්පහ හෝලික්‍රොස් විද්‍යාලටයත් හිමිව ඇති බවත් හයවැනි ස්ථානයට සිසු සිසුවියන් 4 දෙනකු තේරී ඇති බව ද ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දෙදෙනකුටත්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යායත්, ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගන් හින්දු විද්‍යාලයේ සිසු සිසුවියන්ට එම ස්ථාන හිමිව ඇති බව ද ඔහු කීය.

එමෙන්ම දහවන ස්ථාන දෙකක් ඇති අතර එම දෙක කොළඹ මියුසියස් හා මහනුවර උසස් බාලිකා විද්‍යාලවල සිසුවියන් දෙදෙනාට ද හිමිවී ඇති බවද ඇමැතිවරයා කීවේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment