සමාජ මාධ්‍යයෙන් ආණ්ඩු හදන ජවිපෙට භූමියේ එහෙම බලයක් නෑ – නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීෂ්වර බණ්ඩාර

4156

අපිට පේනවිදිහට ජවිපෙ සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ආණ්ඩු භාර අරගෙන, ජනාධිපතිවරු බිහිකරලා ඉවරයි මේ වෙනකොට. නමුත් ඔවුන්ට ප්‍රායෝගිකව ඒ බලාපොරොත්තු ඉටුකරගන්නට බැරි වෙන බව දන්න නිසා යළිත් රටේ අරගල ඇතිකරලා රට අගාධයට ඇද දැමීමේ උවමනාවෙන් කටයුතු කරනවා යැයි නව ජනතා පෙරමුණේ නායක, නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (06දා) රත්මලාන, වෙඩිකන්ද ජයවර්ධනාරාම විහාරස්ථානයේ දී පැවති උත්සවයක දී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීවේය.

වර්තමාන ජනාධිපතිවරයා යටතේ රට කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් යනවා. පසුගිය දිනවල අපි දැක්කා අහස උසට ගිය විදුලි බිල සියයට 22කින් අඩු කළා. මම හිතන්නේ සාමාන්‍ය ජනතාවට ඒක විශාල සහනයක්,

යම්කිසි තත්ත්වයකින් රට ස්ථාවර වෙමින් යද්දී විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන තත්ත්වයකට අද පත්වෙලා, බොරු පොරොන්දු, විවේචන යළිත් සුපුරුදු දේශපාලන රංගනයන් අපිට දැන් දැකගන්න පුළුවන්, ඒ කෙසේ වෙතත් දැඩි අසීරු කාලයක් පසු කළ ජනතාව නැවතත් එක එක දේශපාලන න්‍යායපත්‍ර වල රැවටීමට ලක් නොවිය යුතුයි කියලා මම හිතනවා.

සමහර දේශපාලන කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිත කරමින් රට නැවතත් අගාධයට ඇද දමන්න, අරගල ඇති කරන්න සූදානම් වෙනවා කියලා අපිට අභ්‍යන්තර ආරංචි වලින් දැනගන්න ලැබිලා තියෙනවා.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment