වෙඩික්කරුවෙක් මියයයි

626

ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ඉකුත් 09 වැනිදා ජා ඇල දඩුවම් බස්වත්ත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තාවේ.ඔහු 28 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සේවයෙන් පලා ගිය අයෙකු බව වාර්තාවේ. පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකිරීමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටියදී මියගොස් තිබේ. සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.එහිදී සැකකරු සහ විශේෂ කාර්යය බළකා නිලධාරියෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment