ෆුට්බෝල් ගහපු ප‍්‍රවීණා දැන් නිළියක්

683

සාමාන්‍යයෙන් වෙනදා පුවත්පතක ඇයට ඉඩකඩ වෙන් වෙන්නේ ක‍්‍රීඩා පිටුවේය. නමුත් අද අපි ඇයට මීවිතෙන් ඉඩකඩක් වෙන් කරන්න අදහස් කළා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඇය මේ දිනවල නිළියක් විදිහට කටයුතු කරන නිසා ජාතික ෆුට් බෝල් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක් වුණ ප‍්‍රවීණා පෙරේරා මේ දිනවල චලෝ ටෙලි නාට්‍යයේ හංසි ලෙසින් ඔබ හමුවට එනවා.

 මේ ඇගේ කතාවයි.


 * ප‍්‍රවීණා කොහොමද ෆුට් බෝල් ක‍්‍රීඩාවට යොමුවුණේ?

 2006 වර්ෂයේදී තමයි මම ෆුට් බෝල් ක‍්‍රීඩාවට යොමු වුණේ. වැලිවේරිය මද්දුම බණ්ඩාර විiාලයේ ෆුට්බෝල් කෑම්ප් එකක් තියෙනවා. මමයි මගේ යාළුවෙකුයි මේ කෑම්ප් එකට සම්බන්ධ වුණා. එතැනින් අපිව ෆුට් බෝල් ක‍්‍රීඩා කරන්න තේරුණා.

 * ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කරන්න අවස්ථාව උදාවුණේ?

 ජාතික කණ්ඩායමට මම සම්බන්ධ වෙන්නේ 2012 වර්ෂයේදී.

 * මේ වෙනකොට ජාතික කණ්ඩායම නියෝජනය කරනවාද?

 ඔව්. දැනටත් මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා.

 * එතකොට චලෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?

ෆුට්බෝල් ගහපු ප‍්‍රවීණා දැන් නිළියක්



 චලෝ කියන්නේ ෆුට් බෝල් කතාවක්නේ. කොහොම හරි මට මුලින්ම මේ ටෙලිනාට්‍යයට කතා කරන්නේ පිටපත ලිව්ව ගයනි අක්කා. මම එයාට මුලින්ම මේ සඳහා කැමැත්ත පළ කළේ නැහැ.

 * ඇයි ඒ?

 මගේ රැුකියාව කරන තැනත් එක්ක අවසර ලැබුණේ නැහැ. අන්තිමේ මම රැුකියාවෙන් පවා ඉවත්වෙලා තමයි මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ.

 * කොහොමද රංගනයේදී ලැබුණු අත්දැකීම?

 ඇත්තටම ඒක අලූත්ම අත්දැකීමක්. ප‍්‍රවීණ රංගන ශිල්පීන් ගොඩක් ඉන්නවා. ලොකු අත්දැකීමක් ගන්න ලැබුණා ඔවුන් සමඟ වැඩකරද්දී. මම රඟපාන්න දන්නේ නැති කෙනෙක්නේ. එතැනට ගියාට පස්සේ ෆුට්බෝල් ගහන්න විතරක් නෙමෙයි රඟපාන්නත් ඕනෑ. ඒ දෙවල් මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. අධ්‍යක්‍ෂ හසුන් තමයි මගේ රංගන කුසලතා එළියට ගත්තේ. ඒත් එක්කම ශලනි අක්කා මට ගොඩක් උදව් කළා. ධනුෂ්ක අයියත් මට අඩුපාඩු පෙන්වලා දුන්නා. හැමෝගේම උදව් ඇතිව තමයි මම මෙතැනට ආවේ.

 *ෆුට් බෝල් ක‍්‍රීඩාව වගේද රඟපෑමත්?

 පේ‍්‍රක්‍ෂකයන්ව සතුටින් තියන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙච්චර මහන්සි වෙනවාද කියලා දැනුනේ දැන් තමයි. ෆුට්බෝල් ක‍්‍රීඩාවයි රංගනයයි ගනිද්දී ඒක දෙකක්. රඟපෑම හරි අමාරු දෙයක්.

 * චලෝ හංසිට ලැබෙන ප‍්‍රතිචාර?

 ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම මට මගේ ගමෙන් තමයි හොඳම ප‍්‍රතිචාරය ලැබෙන්නේ. සමාජ මාධ්‍ය හරහාද ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි.

 * පවුලේ විස්තර?

 මගේ පවුලේ ඉන්නේ මගේ අම්මයි, මල්ලියි විතරයි.

 * රඟපෑමට යනවාට අම්මා

 කැමැති වුණාද?

 රඟපෑමට යනවාට අම්මා මුලින් විරුද්ධ වුණා. ෆුට්බෝල් ක‍්‍රීඩාවට යනවාටත් අම්මා මුලින් විරුද්ධ වුණා. මගේ අම්මා එපා කියද්දී තමයි මම ෆුට් බෝල් ක‍්‍රීඩාවට යොමුවුණේ. රංගනයට යන එක ගැනත් අම්මාට තේරුම් කරලා දුන්නාට පස්සේ ඒ ගැන විරුද්ධත්වයක් ඇතිවුණේ නැහැ.

 * ජාතික ෆුට්බෝල් කණ්ඩායමෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?

 ඇත්තටම කියන්න ඕනෑ ෆුට් බෝල් ෆෙඞ්රේෂන් එකෙන් සහ කණ්ඩායමෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා රංගන වැඩකටයුතු වලට. ඔවුන් වුණත් හරි කැමැතියි කාන්තා පාපන්දු ක‍්‍රීඩාව ගැන ටෙලිනාට්‍යයක් නිර්මාණය වීම ගැන.

 * දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment