සොබාදහමේ දින දසුන – රකිමු අපි කඩොලාන

147

‘ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල්’ – මෙවර දින දසුන සොබාදහමට පිදෙන තිළිණයකි

පැමිණ ඇත්තේ දින දර්ශන කාලයයි. රටේ ආර්ථික අර්බුදය නිසා කඩදාසි මිල ඉහළ යෑම, මුද්‍රණ වියදම් වැඩිවීම නිසා දින දර්ශන, දිනපොත් වෙනදා තරම් සුලභ නැති නමුත් සම්ප්‍රදායක් වශයෙන් හා සමාජ සුබසාධනයක් ලෙස දින දර්ශන මුද්‍රණය කරන ආයතනවලට තම දින දර්ශනය මුද්‍රණය නොකර සිටීමට බැරි තරමටම දින දර්ශනය අත්‍යාවශ්‍ය කර්තවයක් බවට පත්ව ඇත. ඒ අතරින් ප්‍රමුඛතාව ගනු ලබන්නේ ‘ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්’ කැලැන්ඩරය (දින දසුන) බව අපගේ විශ්වාසයයි. මන්ද මෙම කැලැන්ඩරය මගින් ශ්‍රී ලාංකේය ජාතික අනන්‍යතාවයට ආමන්ත්‍රණය කරන නිසාය.

සොබාදහමේ දින දසුන - රකිමු අපි කඩොලාන

දින දසුන ජනගත කිරීමේ අවස්ථාව

‘ටෙලිකොම්-මොබිටෙල්’ කළමනාකාරීත්වය පවසන පරිදිම ‘ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල්’ වාර්ෂික දින දසුන මගින් පිළිබිඹු කෙරෙන ප්‍රධාන තේමා තුනකි. ඒ රටේ කලාව, සංස්කෘතිය සහ සොබාදහමේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයි. ඒ අනුව යමින් පසුගිය වසර 18 ක් තිස්සේ වසර අවසානයේ ගලවා විසිකිරීමට නොව, ගලවා නිවසේ මතක ගබඩාවේ තැන්පත් කර තබන්නට තරම් වටිනා දින දසුන් 18 ක් නිර්මාණය කරන්නට කටයුතු කරන ලද්දේ පෙර කී පරිදි කලාව සංස්කෘතිය හා සොබාදහම පිළිබඳ අපූරු ඉදිරිපත් කිරීමක් මේ මගින් සිදුකර ඇති නිසාය. එනම් ‘ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්’ දින දසුන යනු මේ වන විට ශ්‍රී ලාංකේය ජනප්‍රසාදය දිනාගත් මතක වස්තුවක් බවට පත්ව ඇත්තේ නිතැතින්මය. මෙම දින දසුන නිර්මාණයේදී එක් එක් වර්ෂයේදී කලාව, සංස්කෘතිය හෝ සොබා දහම (පරිසරය) යන තේමාවකින් එකක් තෝරා ගෙන අනතුරුව ඊට අදාළව තෝරාගත් මාතෘකාවක් අනුව යමින් මාස 12 ක් සඳහා අගනා චිත්‍ර හෝ ඡායාරූපය බැගින් භාවිතා කරමින් ඒ සඳහා සංක්‍ෂිප්ත සටහනක් ඇතුළත් කිරීම මගින් අධ්‍යාපනික වටිනාකමක් ලබාදීම ගතවූ වසර 18 පුරාම සිදුකර ඇති සංසිද්ධියකි. එම නිසාම, ඊළඟ අවුරුද්දේ ‘ටෙලිකොම්-මොබිටෙල්’ දින දසුන කුමක් අරභයා සිදුකරනු ඇත්ද යන්න ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බොහෝ දෙනකුගේ කතුහලයකි. වසර 18 ක් පුරා පැන නැඟුණු මේ කුතුහලය නිසාම ‘ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්’ ආයතනය තම ආයතනයේ දින දසුන සැකසීම මේ වන විට විශේෂ ‘ව්‍යාපෘතියක්’ බවටම පත්කරගෙන සිටින බව 2024 වසරේ අභිනව දින දසුන නිල වශයෙන් දියත් කරන ලද අස්ථාවේදී ආයතන කළමනාකාරීත්වය ප්‍රකාශ කළේය.

සොබාදහමේ දින දසුන - රකිමු අපි කඩොලාන

එනම් 2024 නව ‘ටෙලිකොම්-මොබිටෙල්’ දින දර්ශනය මේ වන විට නිල වශයෙන් ජනගත කරනු ලැබ ඇත. එම උළෙල ඉකුත්දා කොළඹ ‘ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්’ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් සිදුකරන ලද අතර මෙවර එහි තේමාව ‘සොබාදහම’ වෙනුවෙන් වෙන්කර ඇත.

‘ශ්‍රී ලංකාවේ කඩෝලාන පරිසර පද්ධතිය’ වෙනුවෙන් මෙවර එම දින දර්ශනය වෙන්කර ඇත. ඒ මඟින් ශ්‍රී ලංකාවේ කඩෝලාන පරිසර පද්ධතියේ ඇති වටිනාකම්, සුවිශේෂතා සහ එම පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීමේ අවශ්‍යතාව මේ මගින් නිරූපණය කරන බව ආයතන කළමනාකාරීත්වය හා මෙම උත්සව අවස්ථාවට එක්වූ ප්‍රධාන ආරාධිත කථිකයා වූ වයඹ විශ්වවිiාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය ප්‍රකාශ කළාය. ඇයගේ අනුදැනුම හා අධීක්‍ෂණය යටතේ චිත්‍ර ශිල්පී පුලස්ති එදිරිවීර, පාරමී විiාරත්න සහ පියුමි මහේෂිකා යන චිත්‍ර ශිල්පීන් විසින් අලංකාරවත් චිත්‍ර 13 කින් සමන්විතව දින දර්ශනය සඳහා කඩෝලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය සහ විවිධත්වය තම සිතුවම් තුළින් මැනවින් නිරූපණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික කඩෝලාන විශේෂඥ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිiාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම දින දසුන සම්පාදනය කර ඇත.

කඩෝලාන පරිසර පද්ධතිවලින් ලෝකයට සිදුකෙරෙන සේවය හා ශ්‍රී ලංකාවේ කඩෝලාන පරිසර පද්ධතිය සංරක්‍ෂණය කිරීමට උදව් කිරීම මේ මගින් තමන් අපේක්‍ෂා කරන සමාජ සුබ සාධනය බව මෙහිදී අදහස් දැක්වූ ‘ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්’ ප්‍රධාන විධායක නිලධාරි ජානක අබේසිංහ, එම ප්‍රධාන අලෙවි නිලධාරි ප්‍රභාත් දසනායක යන මහත්වරු 2024 දින දසුන ජනගත කිරීමේ අවස්ථාවේදී ප්‍රකාශ කළහ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආශ්‍රීතව පවතින හෙක්ටයාර් 19,000 ක් පුරා පැතිර ඇති කඩෝලාන ශාක ප්‍රජාව සහ ඒ අතර පවතින කඩෝලාන ශාක 21 ක් ඇතුළු සමස්ත වෙරළ හා තෙත් බිම් පරිසර පද්ධති සංරක්‍ෂණය උදෙසා ‘ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්’ දින දසුන් සත්කාරය 2024 වසර සඳහා සොබාදහමට සිදුකරන ගෞරවයක් ලෙස තිළිණ කරන බව උත්සව සභාව අමතා ආයතන කළමනාකාරීත්වය සමථ කළේය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment