අධ්‍යාපන ක්‍රමයේ අර්බුද ජය ගැනීමට විසඳුම ඇත්තේ ල.ස.ස.ප. තුළයි – මහාචාර්ය තිස්ස විතාරණ

94

කින්නියා කුරුන්ජන්කේනි එන්.ඒ.එම්.එස්. උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මුස්තාප් මොහොමඩ් මහතාගේ ඇරැයුමෙන් එහි ත්‍යාග ප්‍රදානයකට හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහභාගී විය.

කවර දුෂ්කරතා වින්ඳද අධ්‍යාපනයට තිබෙන උනන්දුව නැති කර නොගත යුතු බවද, තමාගේ ජීවිතයේ අනාගතයද, රටේ අනාගතයද රැඳී ඇත්තේ ඔබ ලබන අධ්‍යාපනයේ කඩඉම් ජයගැන්ම තුළ බව මෙහිදී මහාචාර්ය තිස්ස විතාරණ අවධාරණය කළේය. ජාතික සමගිය උදෙසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සිංහල, දමිළ හා මුස්ලිම් ජාතීන් තුනම නියෝජනය කරන සංවිධායකවරු පත්කරන බවද, රටේ ආර්ථික දුෂ්කරතා මැද මන්දපෝෂණය සියයට 13 සිට 31 දක්වා වැඩිවී තිබෙන බවද, එම තත්ත්වයට පවතින පාලන ක්‍රමය වගකිව යුතු බවද ඔහු කීය. අද අධ්‍යාපනයේ පවතින දුෂ්කර තත්ත්වය විසඳීමට විසඳුම ඇත්තේ තම පක්ෂය තුළ බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment