යාපනයේ කරඹගමේ ගෙවත්තක බෝම්බයක් සහ උණ්ඩයක්

98

යාපනයේ, කොඩිගාමම්, මුරුසවිල්, කරඹගම් ප්‍රදේශයේ ගෙවත්තකින් ජීව අත් බෝම්බයක් හා මෝටාර් උණ්ඩයක් කොඩිගාමම් පොලිසිය විසින් ගොඩගෙන තිබේ.

ඉඩම් හිමියා වත්ත සුද්ධ පවිත්‍ර කරණ අවස්ථාවේදී සැක සහිත යමක් දැක ඒ පිළිබඳ පොලිසියට දැණුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම බෝම්බ ගොඩ ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවාකච්චේරී අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසු පොලිසිය එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත. ඒ අනුව ඉඩමෙන් සොයා ගන්නා ලද බෝම්බ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා පුපුරවා විනාශ කරවීමට කොඩිගාමම් පොලිසිය පියවර ගෙන ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment