කොච්චර වැස්සත් වාරි ජලාශවල ධාරිතාව 28% යි

83

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වර්ෂාපතනයන් වාර්තා වුවත් වාරි ජලාශවල පවතින්නේ සියයට 28 ක ජල ධාරිතාවක් යැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඒ. එස්. පී. සුගීෂ්වර (ජල විද්‍යා හා ආපදා) මහතා ඊයේ (04 දා) පැවසීය.

විදුලි බලාගාර අයත් ජලාශවලට වර්ෂාපතනයත් සමග ජල මට්ටමේ වැඩිවීමක් වාර්තා වුවත් එය ප්‍රමාණවත් ලෙස විදුලිය නිපදවිය හැකි මට්ටමක නොමැති බව ද ඔහු කීය.

වර්ෂාපතනයත් සමග නිල්වලා, ගිං, කළු, කැලණි ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්වල වැඩිවීමක් පැවතියත් ගිං, කළු ගංගාවල සහ අත්නගලු ඔයේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවති බව ද ඔහු කීය.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය, මාතර යන ප්‍රදේශවල පහත් බිම් යටව පවතින බවත් කැලණි ගඟේ ද එවැනි තත්ත්වයක් පවතින බවත් සුගීෂ්වර මහතා කීය.

ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මාර්ග ද ජලයෙන් යටවී ඇති බවත් එම ස්ථානවලින් වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස ඉල්ලා සිටින බවත් සුගීෂ්වර මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment