ගුවන් ගමන් ඊයේත් ‘ඇනෙයි’ – බැංකොක් යන්න තිබූ යානය පැය 10 1/2ක් ප්‍රමාදයි

115

තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකට ලක් වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය ඊයේ (04 දා) අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණි.

එහෙත් මෙම ගුවන් යානය පැය 10 යි විනාඩි 27ක ප්‍රමාද වීමකින් පසුව ඊයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ දින උදෑසන 10.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිවී තිබේ.

ඊට හේතු වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු නිසාය.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment